Saturday, October 1, 2011

Enable Timeline Feature on Facebook



Hi friends...welcome කියනවා ALL IN  ONE වලට.

යන්තන් ඔන්න BLOG එකක් එහෙම හදල වැඩ පටන් ගන්න තමා යන්නේ. මේක මගේ හොද යාලුවෙක්ගෙ බ්ලොග් එකෙන් ගන්නේ. හ්ම්ම් මොකද්ද මේ අලුත් ජංජාලේ.Facebook Timeline.

අපේ google විසින් හඳුන්වාදුන් Google+ නිසා Facebook එකේ කස්ටිය හැලිලා G+ වලට මරුවෙනවනේ.ඕක නවත්තගන්න අපේ මේ අහිංසක Mark අයියා එක එක features ගේනවා Facebook වලට.ඕව ගැන කිව්වොත් අලුත් chat sidebar, video calling...ඕකේ අලුත්ම භාණ්ඩේ තමයි මේ Timeline.

ඉස්සර අපි පරණ අපි post කරපු දෙයක් හොයාගන්න එක මාර කට්ට කන වැඩක් ඇත්තටම කිව්වොත් ටිකක් වෙලා යදිදී එපා වෙලා වැඩේ අතැරලා දානවා.ඉතින් අපි මොකද කරේ.අපේ පරණ status හොයාගන්න අපි Social Searching වගේ third party  applications භාවිතා කරා.ඇත්තටම මේ අලුත් Facebook Timeline feature එක ඕකට විසඳුමක් කිව්වොත් හරි.මේ Timeline එකෙන් පුළුවන් අවුරුදු ගානක් පරණ එකක් උනත් පට ගාලා හොයාගන්න.මේක විශේෂ profile එකක් කියලා කියන්න පුළුවන්.මේකට ගියගමන් දකින්න පුළුවන් වෙන්නේ විශාල ඡායාරූපයක්.ඕකට සිංහලෙන් කියන්නේ cover කියලා.ඔයාට කැමති රූපයක් cover එක හැටියට යොදාගන්න පුළුවන්.පල්ලෙහට වෙන්න තියෙන්නේ අපේ photos,posts වගේ දේවල්.කාලයත් සමගම තමයි ඒවා තියෙන්නේ.මේවා අපිටම උනත් තෝරාගන්න බැරි කමක් නෑ.අපේ තොරතුරු මේ Timeline එකට add කිරීමටත් පුළුවන්.


තවත් විශේෂ දෙයක් තමයි apps එකතු කිරීම.මෙයාලා හඳුන්වා දෙන social apps හරහා පුළුවන් music,marks වගේ දේවල් Timeline තුල දර්ශනය වීමට සකසා ගන්න.මේ apps මඟින් අපේ යාළුවන්(පිස්සෝ) කරන කියන දේවල් බලාගන්නත් පුළුවන්.ඕනෙම නම් join වෙන්නත් පුළුවන් පස්සේ වාතයක් වෙනවා ඒක sure. join වුනා කියන්නේ උන් අහන සින්දු බලන TV channel අපිටත් අහන්න බලන්න පුළුවන්.අනේ මොකටද ඉතින් නේද.ඇත්තටම මේ Timeline එක හරහා අපේ ජිවිතේ වෙනස්, විශේෂ, හොල්මන්, චා...සිද්දි ගැන කියන්න පුළුවන්.එකනම් පට්ට නේ.....
ඔය කෙහෙල්මල් Timeline එක add කරගන්න ක්‍රම දෙකක් තියනවා.


  • නිල වශයෙන් 
  • බලෙන් ( Developer Release )
නිල වශයෙන් Timeline ලබාගැනීම.


මේකට ඉතින් ටික කාලයක් යනවා.


01- මේ යටින් තියන Link එකට යන්න.
      https://www.facebook.com/about/timeline 


02- Sign Me Up මත click කරන්න.
 






බලෙන් ( Developer Release )


මේක කරගන්න පහලින් ඇති steps අනුගමනය කරන්න.


01- Facebook වෙත log වෙන්න.


02- Search box එකේ type කරන්න " Developer " ලෙස.එමගින් Developer  app එකට යන්න.
















03- දැන් ඉල්ලයි permission එකක්.Allow දෙන්න.



04- දැන් ඔයාලට දිස් වෙන්නේ application page එක.Create New app මත click කරන්න.


 







05- App Display Name සහ App Namespace ලබාදී I agree ලෙස check box එකට ටික් එක දමා continue දෙන්න.






06- Security Check box නමැති box එකක් ලැබේවි.එයට දී ඇති code එක යටින් ඇති space එක මත ලියා Submit කරන්න.





07- දැන් ඔබට ලැබෙන page එක මත ඔබේ සියලුම විස්තර සදහන් වෙයි.වෙනසක් සිදුකිරීමට උවමනා නම් වෙනස් කර ( වෙනසක් සිදු නොකරාට ප්‍රශ්නයක් නැත ) පහලින් ඇති Save Changes නමැති button එක මත click කරන්න.


08- වම් පසින් ඇති panel එකේ Open Graph මත click කරන්න.

















09- Open Graph: Getting Started page එක මත ඔයා කැමති ලෙස fill කර Get Started button එක මත click කරන්න.






10- Save Changes and Next button එක මත click කරන්න
 







11- Save and Finish button එක මත click කරන්න









12- Submit මත click කරන්න.


13- Usage Instruction field එක මත කැමති දෙයක් ලියා Submit for Approval  button එක මත click කරන්න.







14- විනාඩි 2-3ක් ඉවසන්න.ඊට පස්සේ ඔයාලගේ Facebook Home page එකට යන්න.


15- Get it Now button එක මත click කරන්න.
 



16- Start tour button එක මත click කරන්න.( එමගින් මේකේ වෙන්නේ මොනවද කියලා show වෙනවා )පසුව Publish Now මත click කරන්න.










17- දැන් වැඩේ ගොඩ.ඔන්න බලන්න මගේ Timeline page එක...


හොද වගේම මඩත් භාර ගන්නවා ඒ හින්දම comment එකක් දාලා යන්න හොඳේ.....



1 comment:

  1. ela ela suba.....hodata karapan aluthen hithala aluth deyak karapan....

    ReplyDelete