Wednesday, November 16, 2011

Change Windows 7 Booting Screen


HI Guys........
ඔන්න යාළුවනේ, මම ඔයාලට ඔයාලගේ Logon Screen එක Change කරන විදිය කියල දුන්නනේ......, කලින් දාපු Post එකෙන්. ඉතිං අද ඔයාලට කියල දෙන්න හදන්නේ කොහොමද අපි අපේ Booting Screen එක වෙනස් කරගන්නේ කියල. මේක ටිකක් දිග Post එකක් හින්ද වැඩිය විස්තර නැතුව මෙතනින්ම වැඩේ පටන් ගමු. Video එකකින් දුන්න නම් හොදයි කියෙල හිතෙනකොට පරක්කු වැඩි..... දැන් ඉතිං මෙහෙම තමා දෙන්න වෙන්නේ.

1.) මුලින්මWin 7 Boot Updater Download කරගන්න.


2.) දැන් Boot Screen එකත් Download කරගෙන Extract කරගන්න.


For More Boot Screens Visit- http://www.deviantart.com

3.)  දැන් Win 7 Boot Updater එක Admin ලෙස Run කරන්න. (Win 7 Boot Updater එක සමහර විට Desktop එකේදී Run කරන්න බෑ. ඒ හින්දා මොකක් හරි Folder එකක් ඇතුලට දාල Run කරන්න.)


















4.) දැන් File Tab එක Click කරල, Load boot skin... Click කරන්න. ඊට පස්සේ අර Extract කර ගත්ත Folder එකේ තියන Boot Skin එක ඔකෙන්ම Open කරන්න.



5.) ඕනෙනම් පල්ලෙහා Pic එකේ විදියට Play කරලත් බලන්න.... Arrow Head එක වගේ කෑල්ලත් එහා මෙහා කරල බලන්න. හැබැයි රතු පාටින් කොටු කරලා තියන තැන මුකුත් වෙනස් කරන්න එපා.


6.) දැන් තියෙන්නේ පොඩි පොඩි Edits ටිකක්.... කරත් කමක් නෑ, නොකරත් අව්ලක් නෑ. කෝකටත් කියල මම කියල දෙන්නම්.

පහල තියන Images වල වෙනස් කරාම වෙනස් වෙන තැන් ඒ ඒ පාටින් පෙන්නලා තියනවා......


මම ඕකෙ Font Size එක 20 දලා තියෙන්නේ ඔයාලට හොදට පේන්න. නැත්තන් 11 හොදටම ඇති. Position: කියන තැන අගය අඩු කරාම Text එක උඩට යන්නේ.... ඔය තියන Position Value එක හොදයි.(718)


මෙතැනදී වෙන්නෙත් කලින් වුනදේම තමා. හැබැයි වෙනස් වෙන Text එක වෙනස්. අනිත් ඔක්කොම එකමයි.


ඔයාලට එක පාරටම වෙනසක්පෙන්නේ නැති වෙයි.... වෙනස් වෙලා තියෙන්නේ ඉන්න Tab එක. දැන් ඉන්නේ Resuming Tab එකේ... ඒ කියන්නේ Windows Hibernate කරල On කරද්දී එන Booting Screen එකේ. මෙතනත් අර දේමයි වෙන්නේ. කරලම බලන්නකෝ....

7.) Edit ටිකත් ඉවරයි නම් Apply Click කරන්න. එතකොට Booting Screen එක Apply වෙයි.


8.) Apply වුනාට පස්සේ එන Message එකට OK කරන්න.










9.) දැන් Win 7 Boot Updater එකත් Close කරල PC එක Reboot කරල බලන්නකෝ..... Booting Screen එක වෙනස් වෙලා ඇති.

10.) වෙනස් කරන විදිය විතරක් කියල දීල මදිනේ..... ආපහු Default Screen එක ගන්න විදියත් කියන්න ඕනෙනේ.....
ඒක කරන්න Option Tab එක Click කරල, Restore backups... Click කරන්න.....


11.) ඔය ආපු Message එකට OK කරන්න. එක පාරටම වෙනසක් පෙන්නේ නැතිවෙයි. බය වෙන්න එපා, PC එක Restart කරල බලන්න... තිබ්බ විදියටම ඇති.

ඔන්න එහෙනං අපි Boot Screen එකත් වෙනස් කරා.....
මොකක් හරි අව්ලක් වගේ නම් කියන්න....
අපිව Facebook එකෙන් හොයා ගන්න පුළුවන්.
Comment කරන්නත් පුළුවන්.....

1 comment:

  1. Win 7 Boot Updater Download karanna bene, ekata mokada karanne.........

    ReplyDelete